Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමා ජීවිතයත් මරණයත් අතර කොරෝනාව සමඟ සටන් කරද්දී මරණ සහතිකය ලියන්න හැදුවා – බ්‍රිතාන්‍ය අගමැති කියයි  

Add comments

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින කාලය තුළදී තමන්ගේ මරණය පිළිබඳ බ්‍රිතාන්‍ය රජයට  හදිසි සැළැස්මක් තිබූ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. ඒ සිය මරණය නිවේදනය කිරීමට වෛද්‍යවරුන් සූදානමින් සිටින බව වාර්තා වීමත් සමඟින්. බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව හෙළිකර තිබුණා.

තමා බරපතල ලෙස වෛරස් රෝගයෙන් පීඩා විදිමින් සිටින අවස්ථාවේදී මෙම රෝගයෙන් පීඩා විදින අනික් පිරිස්වල දුක්වේදනා පිළිබඳ අවබෝධකරගත් බවත්  බ්‍රිතාන්‍ය  දෙපයින් නැගී සිටීමට කටයුතු කරන ආකාරය පිළිබඳව සැළසුම් කළ බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා  සඳහන් කර තිබෙනවා.ස්වභාව ධර්මයාගේ නියමයන්ට මුහුණ දෙන මෙවන් ව්‍යසනකාරී තත්ත්වයකදී ලොව කෙතරම් ප්‍රබලයකු වුවත් ඒ හා සටන් වැදීම  අසීරු කාර්යක් බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බොරිස් ජොන්සන් දැඩි ලෙස රෝගාතුරව සිටින විට ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඇප කැප වෙමින් කටයුතු කළ වෛද්‍යවරුන් දෙපලක් වන නික් ප්‍රින්ස් සහ නික් හාර්ට් යන දෙදෙනාට උපහාරයක් ලෙස අලුත උපන් බිළිදාට‍ විල්ෆ්‍රඩ් ලෝරි නිකොලොස් ජොන්සන් යන නම තැබීමට කටයුතු කළ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සහකාරිය වන කැරී සිමොන්ස් නිකුත් කළ ඉන්ස්ටර්ග්‍රෑම් පණිවුඩයේ සඳහන්.

The post තමා ජීවිතයත් මරණයත් අතර කොරෝනාව සමඟ සටන් කරද්දී මරණ සහතිකය ලියන්න හැදුවා – බ්‍රිතාන්‍ය අගමැති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG