Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු ආසියා කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට පැමිණ අවසන්  

Add comments

කොරෝනා වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් නතර කිරීමත් සමග දකුණු ආසියා කලාපයේ  සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සාර්ථකව අවසන් කළ බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සිසුන් 1065 දෙනෙකු දින 10 ක කාලයක් තුළ මෙරටට රැගෙන ඒමට හැකි වුණා.

දකුණු ආසියා කලාපය තුළ අධ්‍යාපන පුහුණු පාඨමාලා ඇතුළු කටයුතු සදහා එක්ව සිටි පිරිස් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඔවුන් ඉල්ලීම් කළා. ඒ අනුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත විශේෂ ගුවන්යානා යොදවමින් එම පිරිස් මෙරටට රැගෙන එනු  ලැබුවේ.

ඉන්දියාවේ පන්ජාබ්, මුම්බායි, කොයිම්බතූර්,  බැංගලෝර්,  නවදිල්ලිය සහ කොල්කටා හි සිටි සිසුන් මෙරටට රැගෙන එනු ලැබුවා. එමෙන්ම පකිස්ථානයේ කරච්චි ලාහෝර්,  නේපාලයේ කත්මන්ඩු, බංග්ලාදේශයේ ඩකා යන ගමනාන්තවල සිට මෙම පිරිස් මෙරටට රැගෙන ඒම සිදු කෙරුණා.

 

 

 

 

 

 

The post දකුණු ආසියා කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට පැමිණ අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG