Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව වැඩිම කොරෝනා රෝගීන් ඇමෙරිකාවෙන් වාර්තාවීම ගෞරවයක්  

Add comments

ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමෙරිකාවෙන් කොරෝනා රෝගීන් මිලියන 1.5 ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ අනූ දෙදහසකට අධිකයි. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා වලට අනුව ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි සඳහන් වන්නේ. වෛරසය ආරම්භවීමෙන් අනතුරුව ට්‍රම්ප් සිය පළමු කැබිනට් රැස්වීම පසුගිය සදුදා පළමුවරට පැවැත්වූවා. මෙසේ රෝගීන් වැඩිවීම අයහපත් දෙයක් නොවන බවත් එය ගෞරවයක් බවත් එහිදී ඇමෙරිකා ජනාධිපතිවරයා කියාසිටියා. ඔහු වැඩිදුරටත් කියාසිටියේ එමඟින් පිළිබිඹු වන්නේ ඇමෙරිකාවේ පරීක්ෂණවාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත වන බවයි.

 

 

The post ලොව වැඩිම කොරෝනා රෝගීන් ඇමෙරිකාවෙන් වාර්තාවීම ගෞරවයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG