Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනාවෙන් හෙම්බත් වූ ඉන්දියාවටත් බංග්ලාදේශයටත් අම්ෆන් වදදෙන ලකුණු  

Add comments

අම්ෆන් සුලිකුණාටුව ලංවීමත් සමඟම නැගෙනහිර ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ධාරානිපාත වර්ෂා හා අධික සුළං වාර්තා වනවා.

බෙංගාල බොක්කේ හටගෙන ඇති අම්පන් සුලිකුණාටුවේ බලපෑමට තවත් පැය කිහිපයක් ඇතුළත ඉන්දියාවට හා බංග්ලාදේශයට මුහුණ දීමට සිදු වනු ඇති බවට කාලගුණ අංශ නිවේදනය කරනවා.

මේ වන විටත් මිලියන ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට රටවල් දෙකේම බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.අවතැන් පිරිස් වෙත නවාතැන් ලෙස පාසල් හා රජයේ ගොඩනැගිලි වෙන් කර තිබුණ ද වෛරසයේ බලපෑම හේතුවෙන් සමාජ දුරස්ථභාවය තබා ගැනීමට එම් ස්ථාන ප්‍රමාණවත් නොවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. බෙංගාල බොක්කේ හටගත් දරුණුම සුළිකුණාටුව මෙය වනු ඇති බවයි ඉන්දීය කාලගුණික දෙපාර්තමේන්තුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

 

 

 

.

 

.

 

 

The post කොරෝනාවෙන් හෙම්බත් වූ ඉන්දියාවටත් බංග්ලාදේශයටත් අම්ෆන් වදදෙන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG