කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත් කෙරෙනවා. ඊට අදාළ ඉදිකිරීම් ලබන අගෝස්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි.
කුරුණෑගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති රැසක් පවතිනවා. විල්ගොඩ නිවාස 450කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම ඊට අයත්. නගර මධ්‍යයයේ පිහිටි අක්කර 6ක භූමියක් තුළ දැවන්ත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීමට නියමිතයි. මාලිගා පරිශ්‍රය සහ නටඹුන් සංචාරකයන්ට නැරඹිය හැකි ආකාරයෙන් සංවර්ධනය කෙරෙනවා.
කුරුණෑගල වැව රවුම සංවර්ධනය ද ව්‍යාපෘතියට අයත්. මේ සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 120 කට අධික බවයි කුරුණෑගල මහනගර සභා ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී හෙළිවුණේ. වයඹ පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් ඇතුළු උසස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
The post කුරුණෑගල නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් appeared first on ITN News.
Post a Comment