අධික වර්ෂාවත් සමඟ ජලවිදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
අම්ෆන් සුළිකුණාටුවේ බලපෑමෙන් මධ්‍යම කඳුකරයට ද තද වැසි ඇඳ හැලුණා. ඒ හේතුවෙන් ජල විදුලය උත්පාදනය කෙරෙන ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ. එම ජලාශවල තත්ත්වය පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත වාර්තාවක්ද ලබාදී තිබෙනවා. ඊයේ පස්වරුව වන විට කාසල්රි 60.9% ක් , මාවුස්සා කැලේ 48% ක් , කොත්මලේ 54 %ක් , වික්ටෝරියා 56.2% ක් හා රන්දෙණිගල 55.1% ක් හා සමනල වැව 65.9% ක් ලෙස ජල මට්ටම ඉහළගොස් තිබෙනවා.ඒ අනුව මෙගාවොට් 667.9 දක්වා ජලවිදුලිය උත්පාදනය කළ හැකි මට්ටමට එම ජලාශ ජලයෙන් පිරී පවතිනවා. වියළ කාලගුණය හේතුවෙන් පසුගිය කාලයේ ජලවිදුලි උත්පාදනය පැවතියේ 15 %ත් 20% ත් අතර මට්ටමකයි.එය මේ වන විට 31.17% දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
The post අධික වර්ෂාවත් සමඟ ජලවිදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශවල ජලමට්ටම ඉහළට appeared first on ITN News.
Post a Comment