අනුරාධපුර පුද බිමේ ඉදි කෙරෙන සඳහිරු සෑයේ හතරැස් කොටුව සඳහා මුල්ගල් තැබීම අද උදෑසන සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන්.
තිස් වසරක් පුරා සමස්ථ සමාජයම භීතියට පත් කළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙවරේදී දිවි කැප කළ මෙන්ම ආබාධ සහිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ට උපහාරයක් පිණිස හා රටේ සාමය ස්ථාපිත කිරීමේ සංකේතයක් ලෙස සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කෙරුණා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධුරය දැරූ 2010 වසරේයි මෙම සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ.
මෙම දාගැබේ සම්පූර්ණ උස අඩි 282 ක්. වට ප්‍රමාණය අඩි 800 ක් පමණ වනවා. මේ වන විට අඩි 94 යි අගල් 04 ක ඉදිකිරීම් අවසන් කර තිබෙනවා. හතරැස් කොටුවේ පාදම සඳහා මුල්ගල තැබීම මහාසංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායානා මැදින් අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසූරිය මහතා ප්‍රමුඛ සදහිරු සෑය ව්‍යාපෘතිය භාර ආරක්ෂක අංශ ප්‍රධානීන් එම අවස්ථාවට එක්වුණා.
The post සඳහිරු සෑයේ හතරැස් කොටුව සඳහා මුල්ගල් තැබේ appeared first on ITN News.
Post a Comment