විදේශයන් හි රැඳීසිටින ඉන්දීය ජාතිකයන් යළි ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් විශේෂ ගුවන් යානා 60 ක් පමණ යොදවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
රටවල් 12 කින් ඉදිරි සති කිහිපයේදී ගෙන්වා ගැනීමට නියමිත පිරිස පහළොස්දහස ඉක්මවනවා. අදාළ ප්රවේශ පත්ර ගාස්තු විදේශයන් හි පැමිණෙන්නන් ගෙවිය යුතු බවයි ඉන්දීය රජය දැනුම්දී තිබෙන්නේ.
ඉන්පසුව ඔවුන් නිරෝධායනය සඳහා යොමුකිරීමටයි නියමිත.
The post විදෙස්ගත ඉන්දීය ජාතිකයන් යළි ගෙන්වාගැනීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment