කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රබල අකුණු සහ තද වැසි පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද (07) රාතී‍්‍ර 10.30 වන තෙක් වලංගු වන පරිදි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල තද වැසි හටගන්නවා. අම්පාර හා මන්නාරම දිස්ති‍්‍රක්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අකුණු හේතුවෙන් ඇති විය හැකි අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
The post ප‍්‍රබල අකුණු සහ තද වැසි පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනයක් appeared first on ITN News.
Post a Comment