Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි  

Add comments

සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඊට සමගාමිව සෙසු වගා කටයුතු සඳහා ද ගොවි ජනතාව යොමු වී සිටිනවා.

වස විෂෙන් තොර ආහාර නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට තම දෛනික අවශ්‍යතාවට සරිලන එළවළු හා පළතුරු ගෙවත්ත තුළින්ම නිෂ්පාදනය කර ගැනීම අරමුණු කර ගනිමින් සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන ආරම්භ කෙරුණා. ඊට ජනතාවගෙන් හිමි වී ඇත්තේ ඉහළ ප්‍රතිචාරයක්. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක ග්‍රාම නිලධාරී වසම් 546 ක ජනතාව ගෙවතු වගා කටයුතු සඳහා එක්ව සිටිනවා. එම පිරිසට බීජ ඇසුරුම් තිස්දහසක් හා පැළ කට්ටල හාරදහස් තුන්සියයක් බෙදා දී ඇති බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් එස් පී පී සේනාධීර මහතා සඳහන් කළා.

මේ අතර වව්නියාව , කිලිනොච්චිය , මුලතිව් හා මන්නාරම ප්‍රදේශවල යල කන්නයේ වී වගාව ද ආරම්භ කර තිබෙනවා. වව්නියාව දිස්ත්‍රික්කයේ පමණක් අක්කර පහළොස් දහසක වී වගා කිරීමට ගොවීන් පෙළඹී සිටින බව වව්නියාව ගොවිජන සේවා සහකාර කොමසාරිස් ඒ විජයකුමාර මහතා සඳහන් කළා. වව්නියාව , නෙඩුන්කේනි , සෙට්ටිකුලම් හා වව්නියාව දකුණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ වී වගාව ආරම්භ වී තිබෙනවා.

 

 

.

 

 

The post සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG