රාමසාන් උත්සව සමය හේතුවෙන් සටන් විරාමයකට එළඹීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා.
අදින් ආරම්භ වන රාමසාන් උත්සව සමය හේතුවෙන් දින 3කට සටන් අත්හිටුවන බවයි තලෙයිබාන් සංවිධානය නිවේදනය කරන්නේ. ඇෆ්ගනිස්ථාන ජනාධිපති අස්රොෆ් ගානි එම සටන් විරාම යෝජනාව පිළිගෙන ඇති අතර එය ක්‍රියාවට නංවන ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබෙනවා. ඒ හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ජන ජීවිතය කෙටි කාලයකට හෝ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවට විශ්ලේෂකයන් විශ්වාසය පළකරනවා. 2018 වසරේදී ද සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ අතර එහිදී එය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වයම අපොහොසත්වුවා.
The post සටන් විරාමයකට තලෙයිබාන් එකඟවෙයි appeared first on ITN News.
Post a Comment