ලබන අගහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.
ලබන අගහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ද අවසර ලැබෙනවා. මේ අතර අද රාත්‍රී 8 සිට ලබන අගහරුවාදා අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇදිරිනීතිය ක්‍රියාත්මකයි.
ඇදිරිනීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. ඇදිරිනීති කාලසීමාව තුළ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.

The post කොළඹ – ගම්පහ දිස්ත්‍රික් හැර අඟහරුවාදා සිට අනෙක් දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර appeared first on ITN News.
Post a Comment