ඇමෙරිකාවේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව හැත්තෑ පන්දහස ඉක්මවා තිබෙනවා.
මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඇමෙරිකාවේ කොවිඩ් 19 දෙවන වරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ඇමෙරිකාව සහ යුරෝපයේ පනවා ඇති තහනම් ලිහිල් කිරීම අවදානම් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. පනවා ඇති තහනම ලිහිල් කිරීමෙන් කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
The post ඇමෙරිකාවේ කොරෝනා මරණ හැත්තෑ පන්දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment