Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මලබොටුආර පාලම විනාශ වීම හේතුවෙන් ගොවි පවුල් 100 කට දුෂ්කරතා මතු වෙයි  

Add comments

මලබොටුආර ජලපාර හරහා ඉදිකර තිබූ පාලම වර්ෂාවෙන් විනාශ වී යාම හේතුවෙන් ගොවි පවුල් 100 කට පමණ දුෂ්කරතා පැන නැගී තිබෙනවා.

දුෂ්කරතා රැසක් මැද දිවි ගෙවන දිග්ගල ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් මලබොටුආර ජලපාර හරහා පාලමක් ඉදිකෙරුණේ වසර කිහිපයකට පෙරයි. දිගින් අඩි 40ක් හා පළලින් අඩි 15 ක් වූ මෙම පාලම අධික වර්ෂාව හේතුවෙන් විනාශයට පත් වූ බව ප්‍රදේශවාසීන් පවසනවා. ගමනාගමනය, කෘෂි නිෂ්පාදන වෙළෙඳපොළට රැගෙන යාම මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවයි දිග්ගල ජනතාව පවසන්නේ. මේ කෙරෙහි බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස එම ජනතාව ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

 

 

The post මලබොටුආර පාලම විනාශ වීම හේතුවෙන් ගොවි පවුල් 100 කට දුෂ්කරතා මතු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG