Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුඩුකාරයන් සමඟ කුඩු බිස්නස් කළ නාකොටික් 4ක් පොලිස් කූඩුවේ  

Add comments

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනා හා සිවිල් පුද්ගලයා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හා බෙදාහැරීමට සහාය වෙමින් රුපියල් ලක්ෂ 311 කට  ආසන්න මුදලක් උපයාගෙන ඇති බව පරික්ෂණවලදී හෙලි වී තිබෙනවා. මාතර පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව කියා සිටියා.

මේ අතර පසුගිය කාලයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ට සිදු කළ වෙඩි තැබීම් හා නිලධාරියකු ඝාතනය කිරීම මෙන්ම තවත්  නිලධාරියකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ක්‍රියාත්මකයි. දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් හා සිවිල් පුද්ගලයා මෙම සිද්ධීන්ට සම්බන්ධ ද යන්න පිලිබද විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාත්න මහතා  තවදුරටත් කියා සිටියා.

 

The post කුඩුකාරයන් සමඟ කුඩු බිස්නස් කළ නාකොටික් 4ක් පොලිස් කූඩුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG