Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශ නගර සභා ඡන්ද විමසීමේ දෙවන වටය අද  

Add comments

ප්‍රංශ නගර සභා ඡන්ද විමසීමේ දෙවන වටය අද පැවැත්වෙනවා.

නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් මෙම ඡන්ද විමසීම මාස 3 ක පමණ කාලයකට කල් දැමුණා. පළමු වටයේ ඡන්ද විමසීම පැවැත්වුණේ මාර්තු මස 15 වනදායි. දෙවන වටය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ මාර්තු 22 වනදා වුව ද උද්ගත වූ තත්ත්වය හමුවේ එය කල් දැමීමට ප්‍රංශ මැතිවරණ බලධාරීන් පියවර ගත්තා. මෙය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ඡන්ද විමසීමක් ලෙසට ද සැලකෙනවා. ප්‍රංශයේ දිස්ත්‍රික් 4820 ක නගර සභා ඡන්ද විමසීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. එරට මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2022 වසරේදීයි.

 

 

 

The post ප්‍රංශ නගර සභා ඡන්ද විමසීමේ දෙවන වටය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG