Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 64 ඉක්මවයි  

Add comments

කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 64 52760 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.

සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 3,067,697ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 382,484 ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

නව්‍ය කොරෝනා වෛරසයෙන් තවමත් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඇමෙරිකාවයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 21882 ත් සමග එරට ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 19 කට ආසන්න වනවා. කෙසේ වුවද දිනකදී එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව දහසේ සීමාවේ පවත්නා බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

ලතින් ඇමෙරිකාවෙන් වැඩිම කොරෝනා මරණ සිදු වූ රට බවට බ්‍රසීලය පත්ව තිබෙනවා. ගත වූ පැය 24 ට වාර්තා වූ මරණ 1262 ත් සමඟ එරට සමස්ථ මරණ සංඛ්‍යාව 31000 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.

මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව 560000 කට ආසන්න වුවද රියේදි ජෙනේරෝ නගර යළි විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 64 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG