Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැංකු ගිණුම් තොරතුරුවලට අනවසරයෙන් ඇතුලු වී මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

ව්‍යාජ හැදුනුම්පත් සකස් කර බැංකු ගිණුම් තොරතුරුවලට අනවසරයෙන් ඇතුලු වී මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික බැංකුවකින් තවත් පෞද්ගලික බැංකුවකට රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් හුවමාරු කරන ලෙස විද්‍යුත් ලිපියක් හරහා දැනුම් දී අදාළ මූල්‍ය වංචාව සිදුකර තිබෙනවා. ගිණුමේ සැබෑ හිමිකරුට ඒ පිළිබඳ දැනුම් දීමේ ලිපියක් බැංකුවෙන් ලැබුණු පසු තමන් මෙවැනි මුදල් හුවමාරුවකට අවසර නොදුන් බවට බැංකුව දැනුවත් කිරීමෙන් අනතුරුවයි අදාළ වංචාව හෙළිකර ගැනුණේ. සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙදරු පියෙකු වන සැකකරු සිය අනියම් බිරිඳ සමග සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මෙම වංචාව සිදු කර ඇති බවටයි හෙළි වුණේ. ඔහු ගමන් ගත් වාහනය පරික්‍ෂා කිරීමේදී මුදල්, පරිගණක යන්ත්‍ර 2 ක්, දුරකථන 5 ක්, බැංකු කාඩ්පත් 14 ක්, බැංකු පොත් 4 ක් ද සොයාගෙන තිබෙනවා. සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

The post බැංකු ගිණුම් තොරතුරුවලට අනවසරයෙන් ඇතුලු වී මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG