ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ වීමත් සමග අඩාලවී තිබූ උඩරට එළවළු වෙළෙඳාම යථා තත්ත්වයට පත්ව ඇති බව ගොවි ජනතාව පවසනවා. එළවළු අස්වැන්න සඳහා හොඳ මිලක් ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීමත් සමග එළවළු වෙළෙඳාම සඳහා ගැටලු කිහිපයක් මතුවුණා. රජය මැදිහත්ව එළවළු අස්වනු මිලදී ගැනීමට ද කටයුතු කළා. මේ වනවිට ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම ආරම්භවීමත් සමග අස්වනු මිලදී ගැනීම සඳහා පිට පළාත්වලින් ද වෙළෙඳුන් පැමිණෙන බවයි උඩරට එළවළු ගොවීන් පවසන්නේ. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳුන්ගෙන් පිරී ඇති අතර උඩරට එළවළු වර්ග රැසක මිල සාමාන්‍ය පරිදි ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
The post අඩාලවී තිබූ උඩරට එළවළු වෙළෙඳාම යථා තත්ත්වයට appeared first on ITN News.
Post a Comment