Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය සැපයීමට උත්සාහ කළ සැකකරුවන් ලබන දෙවනදා දක්වා රඳවා තැබීමට නියෝග  

Add comments

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය සැපයීම සඳහා උත්සාහ කළ සැකකරුවන් හතරදෙනා ලබන දෙවනදා දක්වා රඳවා තැබීමට අධිකරණයට නියෝග කළා.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පය අසල සැකකටයුතු පාර්සලයක් තිබී සොයා ගැනීමට බොරැල්ල පොලීසිය සමත්වුණා. ඒ පෙරේදා උදෑසන දහයට පමණයි. එම පාර්සලයේ තිබී දුරකතනයක් , මත්කුඩු ඇතුළු බොහෝ දෑ හමුවුණා. පසුව මේ පිළිබඳ කළ වැඩිදුර විමර්ශනයකදී එදිනම පස්වරු 4.40 ට පමණ සීවලීපුර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 128 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී බන්ධනාගාරය තුළට විසිකිරීමට සූදානම්කර තිබූ ජංගම දුරකතන තුනක් , ඒවායෙහි බැටරි 119 ක් ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයා ගැණුනා. මෙම සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන්නේ.

 

 

 

 

The post මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය සැපයීමට උත්සාහ කළ සැකකරුවන් ලබන දෙවනදා දක්වා රඳවා තැබීමට නියෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG