Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට PHIවරුන්ට බලය  

Add comments

සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මහමැතිවරණය පැවත්වීම සදහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ඒ අනුව පැවරෙනවා.සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයට අනුව මැතිවරණය පැවැත්වීමට අදාළව ලබා දුන් නිර්දේශ මාලාව රෙගුලාසි ලෙස ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

අදාල ගැසට් නිවේදන මෙම සති අන්තයේ නිකුත් කිරීමට නියමිතයි. මහමැතිවරණය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීමට අදාළ නිර්දේශවලට අමතරව ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පැවරෙන බලතලද මෙම ගැසට් නිවේදනයට ඇතුළත්.

 

 

 

 

 

 

The post සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට PHIවරුන්ට බලය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG