මෙවර මැතිවරණයේදී මේ දක්වා කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළා.
නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය ලබා දීමේදී ඇතිවන ගැටලු අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණෙන් එම හමුව පැවැත්වුණා. දිවයිනේ සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මෙන්ම මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මීට එක්වුණා.
සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළකළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා,
මේ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන් වෙනුවෙන් අද දිනයේද තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. ඒ තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදීයි.
The post ඡන්දයට තව දවස් 10යි – ප්‍රචණ්ඩ ක්‍රියා මුකුත්ම නැහැ appeared first on ITN News.
Post a Comment