හැනා සුළු කුණාටුව හේතුවෙන් මෙක්සිකෝවේ ප්‍රදේශ රැසකට දැඩි ජල ගැලීම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට මෙක්සිකෝවේ ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක් සමඟ තද සුළං හමාගොස් තිබෙනවා. මෙක්සිකෝවේ මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. ඉන් ගමනාගමනයට ද බාධා එල්ලවී තිබෙනවා. අවදානම් නිවාස කිහිපයකින් පුද්ගලයින් පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. පැයට කිලෝමීටර් 75 ක පමණ වේගයෙන් සුළි කුණාටුව හමා යන බව සඳහන්. ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ද සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.
The post හැනා සුළු කුණාටුව හේතුවෙන් මෙක්සිකෝවේ ප්‍රදේශ රැසකට ජල ගැලීම් තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment