ඊයේ පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1191 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇගිලි සළකුණු මඟින් හඳුනාගත් අපරාධකරුවන් 93 දෙනෙකු වරෙන්තු කරුවන් 402 දෙනෙකු හා විවිධ දූෂණ හා වැරදි සඳහා වූ සැකකරුවන් 559 දෙනෙකු ඒ අතර වනවා.
මේ අතර ඊයේ දිනයේදි කොළඹ හා අවට ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ ,දෙල්කද හන්දියේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනේ හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් ද සමඟයි. හෙරොයින් ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 250 ක් සමඟ සැකකරුවෙකු උඩහමුල්ල දුම්රිය පොළ අසලදීද අත්අඩංගුවට ගැනුණා. පෑලියගොඩ ,ගල්කිස්ස, සහ රත්මලාන යන ප්‍රදේශවලදීද මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ.
The post බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් 1,191 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment