Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන දෙගුණ වෙයි  

Add comments

පසුගිය ජුනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන දෙගුණ වී ඇතැයි වාර්තා වනවා.

ඇරිසෝනා ප්‍රාන්තයෙන් පසුගිය ජුනි මාසයේදී වාර්තා වූ වෛරස ආසාදිතයින්ගේ ගණන ඊට පෙර මාසය හා සැසදීමේදී සියයට අනූ හතරකින් වැඩි වී තිබෙන බවයි සඳහන් වන්නේ. සවුත් කැරොලිනා ප්‍රාන්තයේ සියයට දෙසීයක වැඩිවීමක් සහ ආර්කන්සා ප්‍රාන්තයේ සියයට හැත්තෑ නවයක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

නව ආසාදිතයින්ගේ වාර්තාවීමේ වේගය සියයට පහක් නම් එය සැළකිය යුතු තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එලෙස බලන විට ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ගණන එම ප්‍රතිශතයද ඉක්මවා ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය ප්‍රතිශතය මෙන්ම එය සිව් ගුණයකටත් වඩා වැඩි බවයි සදහන් වන්නේ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇමෙරිකා සෙනට් සභාව හමුවේ කරුණු දක්වමින් එරට බෝවන රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි සදහන් කරන්නේ මේ වන විට රට ගමන් කරන්නේ වැරදි දිශාවකට බවයි.

The post ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන දෙගුණ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG