Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,770ක් දක්වා ඉහළට  

Add comments

මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2770 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් අතරින් 2,103 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබීම විශේෂත්වයක්.

වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව තවත් පුද්ගලයන් 84 දෙනෙකු සිටිනවා. කොරෝනා ආසාදනය වූ 656 දෙනෙකු ද රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඊයේ දිනය තුළදී රෝගීන් හය දෙනෙකු හමුවුණා. ඒ සියලු දෙනා විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටි පිරිස්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු බෙලරුස් හි සිට පැමිණි අයෙකු සහ චෙන්නායි සිට පැමිණි 4 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව ඊයේ තහවුරු වුණා.

මේ අතර අද අලුයම 1.40 ට පමණ දෝහා කටාර් සිට තවත් ගුවන් මගීන් 9 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු නිරෝධායනය කිරීමටයි කටයුතු කෙරුණේ.

 

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,770ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG