Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට සැරසෙයි  

Add comments

චීනයේ චෙන්ඩු නගරයේ ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට කටයුතු කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් හි චීන කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට එරට රජය නියෝග කිරීමෙන් පසුව චීනය දැක්වූ ප්‍රතිචාරයක් ලෙසයි චෙන්ඩු කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත්තේ. චෙන්ඩු කොන්සියුලර් කාර්යාලයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉවත්ව යන ආකාරය දැක ගැනීමට ලැබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් බීජිං නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය මෙතෙක් නිකුත් කර නැහැ. චෙන්ඩු හි ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය 1985 වසරේදී ආරම්භ කෙරුණු අතර එහි සේවකයන් 200 දෙනෙකු පමණ සේවය කරනවා. ඒ අතරින් 150 දෙනෙකු පමණ චීන ජාතිකයන්.

 

 

 

The post චීනයේ ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG