හලාවත මුහුදු සීමාවට නාවික සැතපුම් දහසකට එපිටින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී ගිනිගෙන විනාශ වූ බහුදින යාත්‍රාවේ ධීවරයන් මෙරටට රැගෙන ඒමට හැකිවී තිබෙනවා.
මීගමු ධීවර වරායෙන් මුහුදුගිය එම බහුදින යාත්‍රාව අනතුරට පත්වන්නේ පසුගිය විසිවන දායි. යාත්‍රාව ගිනි ගැනීමෙන් පසු නියමුවා ඇතුළු පිරිස මුහුදට පැන පීනමින් සිටියදී ඒ අසලින් යාත්‍රා කළ තවත් බහුදින ධීවර යාත්‍රාවක් ඔවුන් බේරාගෙන තිබෙනවා. තම යාත්‍රාව පැයක් තුළ මුලුමනින් ගිනි ගෙන විනාශ වූ බවයි ධීවරයන් සඳහන් කළේ.
The post මුහුදේදී ගිනිගෙන විනාශ වූ බහුදින යාත්‍රාවේ ධීවරයන් මෙරටට appeared first on ITN News.
Post a Comment