කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.
අද (25) රාත්‍රී 8.00 සිට හෙට (26) පෙරවරු 5.00 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටවනු ලබන්නේ කොළඹ 13, 14 හා 15 යන ප්‍රදේශවලටයි.
කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
The post කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9ක ජල කප්පාදුවක් appeared first on ITN News.
Post a Comment