ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යයේ පස්වන දින පෙරහැර අද (25) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මෙවර පෙරහැර ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අත්‍යවශ්‍ය රාජකාරි මණ්ඩලය, තේවා මණ්ඩලය සහ කපු මහතුන් පමණක් සහභාගි කරවීමටයි කටයුතු යොදා ඇත්තේ.
චිරාගත සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ දේවාලය සහ කිරිවෙහෙර වැදපුදා ගැනීමට ජනතාවට පනවා තිබූ සීමාව ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අලුයම 4 සිට මධ්‍යයන 12 දක්වා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කිරිවෙහෙර සහ දේවාලය වැදපුදා ගැනීමට ජනතාවට ඉඩ සැළසෙනු ඇති.
The post ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයේ පස්වන දිනය අද appeared first on ITN News.
Post a Comment