Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් රාජධානිය සමඟ වෙළඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීමට සාකච්ඡා  

Add comments

එක්සත් රාජධානිය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා සහ එක්සත් රාජධානියේ ජත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා සාකච්ඡා පවත්වති.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය රනිල් ජයවර්ධන මහතා ඊයේ (24) පැවති ටෙලි සම්මන්ත්‍රණයකදී ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන කටයුතු වැඩිදියුණු කිරීම සහ සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

මෙම අමාත්‍යවරුන් දෙදෙනා අතර නිල වශයෙන් පැවති පළමු සාකච්ඡාව මෙය විය.

වැඩිදියුණු කළ වෙළඳ කටයුතු, ආරක්ෂක කටයුතු, පර්යේෂණ හා පුහුණු, විද්‍යාව හා තාක්ෂණය සහ සංස්කෘතික සහයෝගීතාව මෙන්ම දෙරටේ පුද්ගලාන්තර සබඳතා තුළින් දිගු කාලීනව පවත්නා ද්විපාර්ශ්වික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අමාත්‍යවරු දෙපළගේම සතුට පළවිය. විශේෂයෙන්, කොවිඩ් 19 වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන කටයුතු වලදී මුහුණ පා ඇති අභියෝග ජයගැනීම සඳහා සමීප සහයෝගීතා ඇති කරගත යුතු බවට ගුණවර්ධන සහ ජයවර්ධන අමාත්‍යවරු එකඟ වූහ.

පීඩනයක් එල්ල කරන ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සැපයුම් දාම ක්‍රියාත්මක කිරීමේ සහ විදේශ ගමන් හා සංචාරක කටයුතු ක්ෂේත්‍ර විවෘත කිරීමේ වැදගත්කම ඔවුහු හඳුනාගත්හ. ශ්‍රී ලංකාවේ නව අපනයන නිෂ්පාදන සඳහා එක්සත් රාජධානි වෙළඳපළේ ඇති ඉඩප්‍රස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් වශයෙන් එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සාරධර්ම හා අභිලාෂයන් සිහිපත් කරමින්, ශ්‍රී ලංකාව මෙම සංවිධානයට දක්වන ක්‍රියාකාරි සහභාගිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට ඇප කැප වී කටයුතු කරන බව ගරු අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය.

ලද අවස්ථාවකදී හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස විදේශ සබඳතා අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් රනිල් ජයවර්ධන අමාත්‍යතුමාට ආරාධනා කරන ලදී.

The post එක්සත් රාජධානිය සමඟ වෙළඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීමට සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG