රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමින් යුතු මත් පෙති තොගයක් අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්වුණා.
මත්පෙති 305 ක් සමඟ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන ඒකකය සදහන් කළේ.
මෙම මත්පෙති වෙරළ තීරවල පැවැත්වෙන සාද සදහා භාවිත වන බව පොලීසිය සදහන් කළා. එක් මත්පෙත්තක වටිනාකම රුපියල් හාරදහස් පන්සියයේ සිට හයදහස් පන්සියය දක්වා වනවා.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුවයි මෙම වැටලීම සිදුකෙරුණේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post මත් පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Post a Comment