Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලාබාලතම කොවිඩ් මරණය ටෙක්සාස් ප්‍රාන්තයෙන්  

Add comments

ඇමෙරිකාවේ උතුරු ටෙක්සාස් ප්‍රාන්තයේ COVID-19 රෝගයෙන් මියගිය නවතම පිරිස අතර 5 හැවිරිදි පිරිමි දරුවෙක් සිටින බව වාර්තා වනවා. ඔහු ප්‍රාදේශීය රෝහලක සිටියදී බරපතල ලෙස රෝගාතුර වී ඇති අතර රෝග ලක්ෂණ නොපෙන්වමින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

ටෙක්සාස් ඩලස් ප්‍රාන්තයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් සිකුරාදා දහවල් මරණ 9 ක් සහ නව රෝගීන් 659 ක් වාර්තා වූ බව සදහන් කළා.

කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් ටෙක්සාස් ප්‍රාන්තයෙන් මෙතෙක් වාර්තාවූ ලාබාලතම මරණය මෙය වනවා.

5 හැවිරිදි දරුවෙකුගේ මරණය ප්‍රකාශයට පත් කිරීමට සිදුවීම කනගාටුදායක බව විනිසුරු ක්ලේ ජෙන්කින්ස් ට්වීට් පණිවිඩයකින් දන්වා තිබුණා.

“කනගාටුදායක ලෙස අද අපි #COVID-19 හි 5 හැවිරිදි දරුවෙකුගේ මරණය ප්‍රකාශයට පත් කළෙමු. මෙය ඩලස් ප්‍රාන්තයේ අපේ පළමු යෞවනයාගේ මරණයයි. මට මහජනයාට පෙන්වා දීමට අවශ්‍යයි ළමයින්ට ආසාදනය වීමේ තියුණු වර්ධනයක් අප දැක ඇති බව.”

ජූලි මාසයේ පළමු සති තුන තුළ වයස අවුරුදු 18 ට අඩු ළමුන් 1,450 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය වැළඳී ඇති බව ප්‍රාන්ත බලධාරීන් සදහන් කළා.

 

The post ලාබාලතම කොවිඩ් මරණය ටෙක්සාස් ප්‍රාන්තයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG