ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ගත වූ පැය 24 ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,525ක්. ඊයේ දිනයේ මරණ 57 ක් වාර්තා වූ අතර ඒ සමඟම සමස්ත මරණ සංඛ්‍යාව 4,838 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවද වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාව වෙත ලබා නොදෙන බවටයි එරට රජයට චෝදනා එල්ල වන්නේ. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවීමට ජනාධිපති ජොකෝ විඩෝඩෝ කමිටු දෙකක් පත් කර ඇති බව එරට ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරනවා.
The post ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.
Post a Comment