චීනයේ ටෙන්ඩු නගරයේ පිහිටි ඇමෙරිකා කොන්සල් කාර්යාලය වසා දමා රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ඉන් පිටතට ගොස් තිබෙනවා.
පැය 72 ක කාලයක් තුළ එම කාර්යාලය වසා දමන ලෙසට චීනය කළ දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. වීසා බලපත්‍ර වංචා චෝදනා එල්ල වූ චීන විද්‍යාඥවරියට රැකවරණ සැලසූ බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ හූස්ටන් හි චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට චීනය පසුගිය සතියේ කටයුතු කළා. ඒ ඇමෙරිකාව කළ දැනුම්දීමක් අනුවයි. ඊට ප්‍රතිචාර ලෙස චීනයේ ෂෙන්ඩු නගරයේ පිහිටි ඇමෙරිකා කොන්සල් කාර්යාලය වසා දැමීමටයි චීන රජය නියෝග කර තිබෙන්නේ.
The post චීනයේ ඇමෙරිකා කොන්සල් කාර්යාලය වසා දමා රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය පිටතට යයි appeared first on ITN News.
Post a Comment