කලු ජාතිකයන්ට එරෙහිව සිදුවන අසාධාරණකම්වලට එරෙහිව ක්‍රියත්මක වී ඇති බ්ලැක්ලයිව්ස් මැටර් උද්ඝෝෂණයකට සහභාගි වූ පුද්ගලයෙකු වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ඔස්ටින් ප්‍රදේශයේදීයි
වෙඩි තැබීමට අදාළ සිද්ධියේ වීඩියෝව ෆේස් බුක් මාධ්‍ය ජාලය ඔස්සේ සජීව ලෙස ප්‍රචාරය වී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා. 100 දෙනෙකු පමණ මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටියා. කිසියම් පුද්ගලයෙකු රයිෆලයක් රැගෙන එම ස්ථානයට පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවයි ඇමෙරිකා පොලීසිය සඳහන් කළේ. මෝටර් රථයක් තුළ සිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පරික්‍ෂණවලදී හෙළිවුණා. මේ අතර සියෑටල් හිදී පැවති බ්ලැක්ලයිව්ස් මැටර් උද්ඝෝෂණයකට සහභාගි වූ පිරිසක් හා පොලීසිය අතර ගැටුමක් ඇති වුණා. එහිදී උද්ඝෝෂකයන් රැසක් පොලීසිය අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
The post ඇමෙරිකාවේ උද්ඝෝෂණයකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.
Post a Comment