Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝදර පොලිස්වසමේ ලෙල්ලම ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පාතාල කල්ලි සාමාජිකයෙකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ සමීපතමයින් වන මොවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 720 ක් සොයා ගැනුනා.

අවුරුදු 29 හා 40 වයස් කාන්ඩවල පසුවන මෙම සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

සැකකරුවන් සම්බන්ධයෙන් මෝදර පොලිසිය තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

 

 

 

The post සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG