Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෙක්සාස් ප්‍රාන්තයට හානා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්  

Add comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට හානා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බව එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

දැඩි සුළං හා වර්ෂාවෙන් ජීවිත අවධානමක් ඇතිවිය හැකි බැවින් ජනතාවට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස බලධාරීන් දැනුම් දෙනවා. හානා සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත තිස්දෙකකට බලපෑම් ඇතිවිය හැකි බවයි ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රේග් ඇබර්ට් පවසන්නේ. පැයට කිලෝමීටර් 145 ක පමණ උපරිම වේගයකට සුළි කුණාටුව පැමිණිය හැකි බවට කාලගුණික අංශ අනතුරු අඟවනවා. සුළි කුණාටු ප්‍රබලත්වය අනුව අදියර පහකට වෙන් කෙරෙන අතර හානා සුළි කුණාටුව තවමත් පවතින්නේ පළමු අදියරේයි. කෙසේ වුවද හදිසි සේවා ලබාදෙන උපදෙස් අනුව ක්‍රියාකරන ලෙස ටෙක්සාස් ප්‍රාන්ත වැසියන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

 

 

 

The post ටෙක්සාස් ප්‍රාන්තයට හානා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG