Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෝමාගම ගිනි අවි සිද්ධියට සම්බන්ධ තවත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට  

Add comments

හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ගිනි අවි සම්බන්ධ පරීක්ෂණවලට අදාළව තවත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසකුයි වැටලීම සිදු කළේ.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ  වෙළෙඳසැලක තිබී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනුණේ පසුගිය 29 වනදායි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී හෙළි වුණේ පාතාල කල්ලි සාමාජිකයන් මිලදී ගත් තවත් ගිනි අවි කිහිපයක් අතුරුදන්ව ඇති බවයි. එම විමර්ශනවලට අදාළවයි ඊයේ රාත්‍රියේදී තවත් ගිනි අවියක් සොයා ගැනුණේ.

අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ ඊයේ රාත්‍රියේ මෙසේ අත්අඩංගුවට ගැනුණේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. 38 හැවිරිදි මෙම සැකකරු ඇතුළු මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් අවි ආයුධ පිළිබඳ තොරතුරු හෙළි වුණා. ඒ අනුව අද අලුයම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් අත්බෝම්බ 4 ක්, පිස්තෝලයක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා. මෙම සිද්ධීන් පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

මේ අනුව පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන බැරල් සංඛ යන අයගේ සහායකයින් දෙදෙනෙකු පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

 

The post හෝමාගම ගිනි අවි සිද්ධියට සම්බන්ධ තවත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG