Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ අභියාචනය සළකා බැලීමට මහාධිකරණය දින දෙයි  

Add comments

තමා ඇතුළු පිරිසකගේ එක්සත් ජාතික පක්ෂ  සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය පිළිබඳ වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරමින් දුන් තීන්දුවට එරෙහිව හිටපු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ අභියාචනය සළකා බැලීමට දින නියම කෙරුණා.

බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මණ්ඩලය අද නියෝග කළේ මෙම අභියාචනය ලබන 6වනදා කැඳවන ලෙසයි. පෙත්සමේ වගඋත්තරකරුවෙකු වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා එහිදී කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ අදාළ ලේඛන තම සේවාදායකයා වෙත ලැබී තිබුණේ ඊයේ රාත්‍රියේ බවයි.

ඔහුගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ උප සභාපති රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද එම ඉල්ලීම සිදු කළා. එහිදී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා පැවසුවේ නඩුවට අදාළව කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ පැමිණිල්ලේ තුන්වන වගඋත්තරකරු අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් පමණක් බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක යන අයගෙන් කරුණු විමසීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් අභියාචනය සළකා බැලීම සඳහා ලබන 6 වනදා කැදවීමට නියෝග කළ සිවිල් අභියාචනා මහාධිකරණය එදිනට මෙම විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි නියම කළා. තමා ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් මැයි මස ගත් තීරණයට එරෙහිවයි එම පිරිස නියෝජනය කරමින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබුවේ.

 

The post රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ අභියාචනය සළකා බැලීමට මහාධිකරණය දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG