Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බගවන්තලාව පොලීසිය ඉදිරිපිට සත්‍යග්‍රහයක්  

Add comments

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගෙඩිය ළකුණ යටතේ තරඟ කරන ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකුට නාඳුනන පිරිසක් පහරදීමේ සිද්ධියකට විරෝධය පාමින් අද වතුකම්කරුවෙකු  සත්‍යග්‍රහයක් පැවැත්වුවා.

බගවන්තලාව පොලීසිය ඉදිරිපිට පිහිටි බස්නැවතුම්පොලේදීයි සත්‍යග්‍රහය පැවැත්වුනේ. පහරකෑමට ලක්වූ අපේක්ෂකයාගේ අධාර කරුවෙකු එම සත්‍යග්‍රහයේ නිරතවන බව අප වාර්තා කරුවන් සඳහන් කළා. පහරකෑමෙන් තුවාල ලැබූ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂක කනකරත්නම් රාජා මහතා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. පහර දීම සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය මේ වන විට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

 

 

 

The post බගවන්තලාව පොලීසිය ඉදිරිපිට සත්‍යග්‍රහයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG