Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළගැටි විශේෂයක් නිසා පාකිස්ථානයේ කෘෂිකර්මාන්තය දැඩි අවදානමක  

Add comments

අප්‍රිකා අඟ කලාපයේ සිට පැමිණෙන ආක්‍රමණික පළගැටි විශේෂයක් නිසා පාකිස්ථානයේ කෘෂිකර්මාන්තයට දැඩි අවදානමක් එල්ලවී තිබෙනවා.

සෝමාලියාව මෙන්ම තවත් රටවල් කිහිපයකින් මෙම පළගැටියන් පැමිණෙන බවයි පාකිස්තාන රජය පවසන්නේ. ඉරානය, පාකිස්තානය සහ ඉන්දියාවට ද මෙම පළගැටියන්ගෙන් බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥයන් සදහන් කරනවා. පළගැටියන් රංචු වශයෙන් ඉදිරි දින කිහිපය තුලදී නිරිත දිග ආසියා කලාපයට පැමිණෙන බවයි ඔවුන් පවසන්නේ. අප්‍රිකා අඟ කලාපයේ සිට පළගැටියන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ගයේ පාකිස්ථානය පිහිටීම නිසා එරටට වැඩිම හානියක් සිදුවනවා. සෑම වසරකදීම මෙම පළගැටි සංක්‍රමණය සිදුවන අතර 1993 වසරේදී එරටට දැඩි හානියක් සිදුවුනා. පළගැටියන් මිලියන 50ක් පමණ සෑම වසරකදීම පැමිණෙන අතර දිනකට සැතපුම් 90ක් එම සතුන් පියාසර කරනවා.

 

 

 

 

 

 

The post පළගැටි විශේෂයක් නිසා පාකිස්ථානයේ කෘෂිකර්මාන්තය දැඩි අවදානමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG