ඇෆ්ගනිස්ථානයේ හටගෙන ඇති ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර පුද්ගලයින් 250 ක් පමණ තුවාල ලබා ඇති බවයි ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා කරන්නේ.
ගංවතුර හේතුවෙන් නිවාස 1,500 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
පසුගියේ සතියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව සමගම ගංගාවන්හි ජල මට්ටම ද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
කඩාවැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර ජීවිතක්ෂයට පත්වූ තවත් පිරිසකගේ සිරුරු ඇති බවට සැක පළකෙරෙනවා.
The post ඇෆ්ගනිස්ථාන ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 122 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment