අද උදෑසන වන විට මෙරටින් කෝවිඩ් 19 ආසාදිතයින් දහතුන් දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් තුන්දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු දහදෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් බවයි කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
ඊයේ හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් තුන්දෙනෙකු කෙන්යාවේ සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින්. අද උදෑසන වන විට කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ සියලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 639ක්. ඉන් 518දෙනෙකුම පුනරුත්ථාපනය වන රැඳවූවන් බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 630 දෙනෙකු එම කටයුතු අවසන් කර අද දිනයේ නිවෙස් බලා පිටව යාමට නියමිතයි. ඒ අනුව මේ වන විට නිරෝධායනය අවසන් කළ සංඛ්‍යාව 33,041ක්. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 1780ක් සිදුකර තිබෙනවා.
මේ අතර දෝහාකටාර් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. කුවේට් සිට පුද්ගලයින් 157 දෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා.
The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,984ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment