ඉතිහාසයේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහය ලැබූ යුරෝපා ශූරතාවට එක්වන ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ආශිර්වාද ලබා ගත්තා.
වසර 36 ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කර දුන් ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතාට මෙවරද ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වේවා යැයි අග්‍රාමාත්‍යවරයා සුභාශිංසන එක් කළා. තරගාවලිය ලබන මස 05 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය බෙල්ජියම සහ ප්‍රංශය යන රටවල් වලදී පැවැත්වෙනවා.
ඩිලන්ත මාලගමුව මහතාට මෙරට රජය අනුග්‍රහය ලබා දෙන පළමු අවස්ථාව මෙයයි.
මේ අතර ඩිලන්ත මාලගමුව මහතා අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් තමාට ලබා දුන් අනුග්‍රහය සම්බන්ධයෙන් ස්තුතිය පල කළා.
The post වසර 36කට පසු රාජ්‍ය අනුග්‍රහයෙන් ඩිලන්ත යුරෝපා ශූරතා ධාවන පථයට appeared first on ITN News.
Post a Comment