Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ලබාගත යුතුයි  

Add comments

රාජ්‍ය සේවයේ ඉදිරි වසර 04 සඳහා සෞභාග්‍යයේ දැක්ම පදනම් කරගනිමින් සැළසුම් සකස් කරන  ලෙස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන  ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීයී අමාත්‍යවරයා එම අදහස් පල කළේ.

රාජ්‍ය සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ලබාගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. රාජ්‍ය සේවයේ අඩුපාඩු සම්බන්ධයෙන් ඉදිරිපත් වන විගණන වාර්තා නිරීක්ෂණ මත පදනම්ව රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පැහැදිලි කළා. රාජ්‍ය සේවාව සඳහා නව ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදිය යුතුයි.  රාජ්‍ය සේවකයින්ගේ සේවා තෘප්තිමත් භාවය ඉහළ නැංවීම සඳහා යෝජනා සකස් කළ යුතු බවද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නා.  මේ අතර බඳවා ගැනීමේ පටිපාටිය වර්තමානයට ගැලපෙන ලෙස වෙනස් නොවීම මත රාජ්‍ය සේවයේ සිදුව ඇති මන්ද ගාමී බව නැති කිරීමට සේවා ව්‍යවස්ථාවන් සමාලෝචනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු  බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

The post රාජ්‍ය සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ලබාගත යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG