Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුඩු රංග ගිනි අවි 3ක් සමඟ කොටු වෙයි – ඇලේටඩ් මංජුත් පොලිස් දැලේ  

Add comments

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තාගේ ගෝලයෙකු වූ කුඩු රංග ගිනි අවි 3ක් සමඟ බලපිටියේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

පොලිස් විශේෂ කාර්යබලකායේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව බලපිටිය, වලදූව,   ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කුඩු රංග මෙසේ ගිනි අවි සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා. ටී 56 වර්ගයේ ගිනි අවියක්,  රිවෝල්වරයක් සහ තවත් ගිනි අවියක්ද ටී 56 වර්ගයේ පතොරම් 152ක්,  මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සදහා යොදන පතරොම් 53ක්. බෝම්බ තුනක් හා මාංචු කුට්ටමක් ද සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.

පොඩි ලැසීගේ තවත් ගෝලයෙකු වන සුද්දා නමැත්තා මොහුට මෙම ගිනි අවි සහ පතොරම් ලබා දී ඇති බවයි සැකකරු ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර තවත් අපරාධකරුවෙකු වන ඇලේටඩ් මංජු නමැත්තා කඩු තුනක් සහ ටී 56 උණ්ඩ හතරක් සමඟ කිරිදිවැල මැද්දේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි වැටලීම සිදුකළේ.

 

 

The post කුඩු රංග ගිනි අවි 3ක් සමඟ කොටු වෙයි – ඇලේටඩ් මංජුත් පොලිස් දැලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG