අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එරට රජයේ ආරංචි මාර්ග නිවේදනය කරනවා.
පසුගිය මාසය පුරා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ අග්‍රාමාත්‍යවරයා පරික්ෂණ කටයුතු සදහා දෙවරක් රෝහල්ගත කෙරුණා. තමාගේ අසනීප තත්ත්වය හේතුවෙන් රජය අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීම මෙහි අරමුණ බවයි ඔහු සදහන් කර ඇත්තේ. ඒ සමගම ජපාන කැබිනට් මණ්ඩලය ද ඉල්ලා අස්වීමට නියමිත අතර පාලක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නව නායකයෙක් පත්කර ගනු ඇති.
එමෙන්ම අඛණ්ඩව දීර්ඝතම කාලයක් ජපාන අග්‍රාමාත්‍ය තනතුරේ රැදී සිටි පුද්ගලයා ලෙස ද ෂින්ෂෝ අබේ වාර්තා අතරට එක්වනවා.
The post සෞඛ්‍ය හොඳ නැහැ කියා ජපාන අගමැති අබෙත් ඉල්ලා අස්වෙන්න යයි appeared first on ITN News.
Post a Comment