Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ වගා නොකළ ඉඩම් නැවත වගා කරන කෘෂිකාර්මික වැඩපිළිවෙලක්  

Add comments

උතුරු පළාතේ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම්වල නැවත වගා කිරීම මඟින් කෘෂිකාර්මාන්ත අංශයේ වැඩ පිළිවෙලක් සකස් කර එම ඉඩම් ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගිය දා යාපනයේ ඊ.පී.ඩී.පී. මුලස්ථාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක් වු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රතිපත්තියේ දක්වා ඇති ආකාරයට එවැනි වගා නොකළ ඉඩම් කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදාගෙන ඊට අවශ්‍ය සහනාධාර හා ණය ලබා දී නවීන තාක්ෂණය හරහා කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කොට ඒ තුලින් අධික අස්වැන්නක් ලබා ගැනීම මේ රජයේ අරමුණ බව පැහැදිලි කළේය.

ඒ හරහා වී ඇතුළු අතුරු භෝග වැඩි වශයෙන් වගාකොට ආනයනය නවත්වා ආහාර නිශ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීම මෙම රජයේ මුලික අරමුණ බවද,ඊළඟ අරමුණ අප නිෂ්පාදනය කරන කෘෂිකාර්මික ද්‍රව්‍ය පිටරටට අපනයනය කිරීම බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ ඇති වැව් හා ජලාශ සංවර්ධනය කිරීම හරහා කෘෂිකර්ම හා ධීවර හා ජලජ සම්පත් අංශයද සමාන්තරව ජනතාවට යහපතක් වන ආකාරයෙන් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

The post උතුරේ වගා නොකළ ඉඩම් නැවත වගා කරන කෘෂිකාර්මික වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG