Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්හැර දමා තිබෙන මහවැලි -බී කලාපයේ ඉඩම් යළි රජයට පවරා ගැනීමට පියවර  

Add comments

මහා පරිමාණ ව්‍යාපාරිකයන් අතර බෙදා දී ඇති දැනට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර තිබෙන මහවැලි බී කලාපයේ ඉඩම් යළි රජයට පවරා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා. නිශ්පාදන ආර්ථිකයක් ඇති කිරීම සදහා එම ඉඩම් ගොවිතැන් කටයුතු සදහා බෙදා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

මහවැලි බී කලාපයේ අතහැර දමා ඇති ඉඩම් පිළිබද සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා කටයුතු කළා. මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස මෙන්ම පොදු පහසුකම් සංවර්ධනය කිරීමට ද පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් පෙරේරා මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post අත්හැර දමා තිබෙන මහවැලි -බී කලාපයේ ඉඩම් යළි රජයට පවරා ගැනීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG